ගලෙන්බිදුනුවැව
ඓතිහාසික රජරට පුරවරයේ සොදුරු ගම් පියසක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 6-13 ශ්‍රේණි සදහා අධ්‍යන කටයුතු සිදු කෙරෙන අතර, පණ්ඩුල විදු මාතව සෙවනේ මේ වන විට සිසුන් හයසියයකට ආසන්න පිරිසක් අධ්‍යන කටයුතු වල නිරත වෙති. මෙහි දැනට ඉතාමත් කිර්තිමත් ආදි සිසුන් රැසක් බිහිකර ඇත. කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
“නැණගුණයෙන් විශිෂ්ටත්වයට“
“බිහිවෙමින් පවතින ලෝකයට උචිත පරිදි හැඩ ගැසිය හැකි එළඹෙන ජිවිත අභියෝග ජය ගැනීමට සමත් අත්‍යාවශ්‍ය නිපුණතා පුර්ණ ගුණාත්මක බවින් පිරිපුන් පුද්ගල සමූහයක් සමාජ ප්‍රවාහයට වාර්ෂිකව එක් කිරීම.“