පණ්ඩුකාභය රාජපරම්පරාවට උරුම කම් කියන ගලෙනිඳුණුවැව කලාපයේ අ/පණ්ඩුල මහා විද්‍යාලය දශක අසූවක පමණ ඉතිහාසයකට උරුමකම් කියයි."වැවයි දාගැබයි ගමයි පන්සලයි"යන කියමනට අරුතක් සපයන මෙම විදුබිමේ සිප්සතර හදාරන දරුවන්ගේ නිසඟ හැකියා බොහෝය.නව තාක්ෂණයට අනුගතවෙමින් හෙට ලොව ජයගැනීමට වෙර දරන සිසු පරපුරක් සිරිලක් බිමට පණ්ඩුල මාතාවගෙන් බිහිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.