අ/පණ්ඩුල මහා විද්‍යාලය ජාතික පාසල

ගලෙන්බිදුනුවැව

පාසලේ ඉතිහාසය

2024වසර සඳහා නව ශිෂ්‍ය නායක නායිකාවන් බදවා ගැනීම

sample_news_img_4.jpg
img_20240718_120157_286.jpg

ඓතිහාසික රජරට පුරවරයේ සොදුරු ගම් පියසක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

ක්‍රි.ව 1949 දී පණ්ඩගල වැව පාමුල පිහිටි පරණ ගම්මාණයේ පොල් අතු ගොඩනැගිල්ලකින් ආරම්භ කල පණ්ඩුල විදුහල ගුරුභවතුන් සිව් දෙනෙකු මගින් පවත්වාගෙන ගිය බව සඳහන් වේ. මෙහි ආරම්භයේ සිසුන් 150 පමණ අධ්‍යාපනය ලැබූ බවද සඳහන් වේ. පසුව 1957 දී ඇති වූ ගංවතුරෙන් පසු පරණ ගම්මානය විනාශ වීම නිසා අද මේ ගම්මානයට ගැමියෝ පැමිණියහ. එහිදී පාසල මෙම භූමියට ගෙන එන ලදී. එහිදී මහින්දෝදය විද්‍යාගාරය පිටුපස ඇති දැනට පුස්තකාලය වශයෙන් පවත්වාගෙන යන ගොඩනැගිල්ල රජයේ ආධාරයෙන් පළමු ගොඩනැගිල්ල ලෙස ඉදිකොට පණ්ඩුල විදුහල නැවත ආරම්භකොට ඇත. කාලයාගේ ඇවෑමෙන් සිසු පිරිස වැඩිවත්ම තවත් ඉඩකඩද ගුරුභවතුන්ද අවශ්‍ය විය. ඒ හේතු කොට ගෙන ගම්මුන් ආධාරයෙන් ශ්‍රමයෙන් පොල් අතු ගොඩනැගිල්ලක් නැවත ඉදි කොට ගුරුභවතුන් 10ක් 12ක් පමණ ලබා ගනිමින් අධ්‍යාපන කටයුතු ගෙන ගොස් තිබේ. කෙසේ හෝ වර්ෂ ගනණාවක් ගිය පසු ක්‍රමයෙන් සිසු නැණ පුබුදුවාලූ මෙම විදුහල 1974 න් පසු මහා විද්‍යාලය යන ගෞරව නාමය ලබමින් අවට ප්‍රදේශ වල කීර්තියද නංවමින් අද මෙතරම් දියුණුවට පා තබා තිබේ.   

 භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ ද්විතීයික අංශය ක්‍රියාත්මක වන අතර ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 42ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 3 කින් සමන්විතය. 574 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. “නැණගුණයෙන් විශිෂ්ටත්වයට“
යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1939

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

13

මුල් ගුරුතුමාගේ නම

ජී.ඩී.සී.සිරිසේන 

පාසලේ ආදි කතෘගේ නම

----

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අ/පණ්ඩුල මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.ඩී.සී.සිරිසේන 

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

පඩරැල්ලෑව වැව අසල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලසිරි

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එ. විමලා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1939